Gossips

මුහුණු පොතේ රූප නිරාවරණය වෙයි

මෘදුකාංග දෝෂයක් හේතුවෙන් ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ පරිශීලකයන් 68 ලක්ෂයක පෞද්ගලික ඡායාරූප තුන් වන පාර්ශවයන් වෙත විවෘත වී ඇති බව එම සමාගම පවසනවා.
එය සැප්තැම්බර් මාසයේ දින 12ක් තිස්සේ පැවති දෝෂයක් වන අතර දැන් එය නිරාකරණය කර ඇති බවයි ෆේස්බුක් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එහිදී පරිශීලකයන් තමන්ගේ ෆේස්බුක් පිටුවට ඇතුළත් කළ ඡායාරූප පමණක් නොව එලෙස ඇතුළත් කිරීමට සැරසුණු දුරකථනයේ හෝ පරිඝනකයේ ඡායාරූප පවා තුන් වන පාර්ශවයන් වෙත විවෘත වීම විශේෂ තත්ත්වයක්.
පිටස්තර යෙදවුම්වලට ෆේස්බුක් ඡායාරූප ලබා ගැනීමට ඉඩ සැලසීමේදී එලෙස අනෙකුත් ඡායාරූප ද ඔවුන්ට නිරාවරණ වී තිබෙනවා.
එහෙත් අදාළ ඡායාරූප මකා දමන ලෙස එම යෙදවුම් කළමනාකරුවන්ට දැනුම් දී ඇති බවත්, දෝෂයට ලක්වී ඇති ෆේස්බුක් ගිණුම්වලට ද දැනුම්දීමක් සිදුකර ඇති බවත් ෆේස්බුක් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.