ලොව පුරා කෝටි 220 ක් ජනතාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වන ඇමරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ පරිපාලකයන් අභ්‍යන්තර රහස් පොලීසියක් ක්‍රියාත්මක කරන බවට පුවත්පතක් හෙළිදරව් කරනවා.
ෆේස් බුක් හිමිකරු මාක් සකබර්ග් එම රහස් පොලීසිය මෙහෙයවීම සඳහා ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානු සේවිකාවක වන සොන්යා අහූජා යොදාගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත අනාවරණ කළේ.
ඇගේ කණ්ඩායමේ කාර්යභාරය වී ඇත්තේ ෆේස්බුක් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මාධ්‍ය වෙත ලබාදෙන සේවකයන් පිළිබඳ සොයා බලා ඔවුන් ඉවත්කිරීම සඳහා පියවර ගැනීමයි.
ලොව ධනවත්ම පුද්ගලයන් අතරට ගැනෙන මාක් සකබර්ග් සතිපතා පවත්වන රැස්වීම්වලදී තම ආයතනයේ ඉදිරි සැළසුම් ආදිය පිළිබඳව එහි දහස් සංඛ්‍යාත සේවක පිරිස ඉදිරියේ තොරතුරු හෙළිකරනු ලබනවා.