Gossips

මුහුණු ආවරණය කරගත් පිරිසක් සෙවනගලදී මවටපියාට සහ දියණියට පහරදෙයි

සෙවනගල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රියේ පැමිණි පිරිසක් විසින් මව පියා සහ 21 හැවිරිදි ඔවුන්ගේ දියණිය ට අමානුෂික ලෙස පහරදී තිබෙනවා.
පහරදීමෙන් තුවාල ලැබූ ඔවුන් තිදෙනා පසුව ප්‍රදේශවාසීන් එක්ව හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පහරදීම සඳහා එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
මේ අතර පහරකෑමට ලක්ව ඇති පාර්ශවයේ ඥාතීන් චෝදනා කරන්නේ අදාළ ඉඩම බලහත්කාරයෙන් අයිතිකරගැනීමට උත්සහ කරන පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
ඔවුන් පවසන්නේ පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් මෙය වෙනත් පුද්ගලයෙකුට බදු දී ඇති බවත් ඔවුන් විසින් එම ස්ථානයේ නීති විරෝධී ලෙස වැලි ජාවාරමක නිරත වන බවයි.
කෙසේ වෙතත් අදාළ ඉඩම සම්බන්ධයෙන් කලක පටන් දෙපාර්ශවයක් අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම පහරදීම සිදුව ඇති බවටයි පොලිසිය සැකපලකරන්නේ.
සෙවනගල පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ අදාළ ඉඩම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයකට අනුව මේ වනවිට නඩු කිහිපයක්ම අධිකරණයේ විභාගයට ගෙන තිබෙන බවයි.
සෙවනගල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.