Gossips

මුහුණට මුහුණ ගැටුණු අනතුරෙන් ජීවිතයක් අහිමි වෙයි (ඡායාරූප)

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ රන්න ප්‍රදේශයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (18) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්න, චේතියගිරි ගම්මානයේ පදිංචි වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙක්.
හුංගම දෙස සිට තංගල්ල දෙසට ධාවන වූ යතුරුපැදියක් සහ තංගල්ල දෙස සිට හුංගම දෙසට ධාවනය වූ ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඡායාරූප – හම්බන්තොට, රාහුල් සමන්ත