Gossips

මුහමාලේ ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ

යාපනයේ – මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු බිම් බෝම්බයක් පුපුරායාම නිසා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ආරක්ෂිත ඇඳුම් හැඳ සිටි නිසා ඔහුගේ ජීවිතය බේරී ඇති බවයි.
දැනට ඔහු පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔහු අන්තර්ජාතික සංවිධානයක් වෙනුවෙන් සේවය කරන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.