Gossips

මුස්ලිම් කොංග්‍රසය ඡන්දයේදී ස්වාධීන වෙයි

බලයට පත්වන ආණ්ඩුවකට සහය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කරනු ලබන්නේ මහමැතිවරණයේදී ස්වාධීනව තරඟ කිරීමෙන් පසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.
එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මේ බව කියා සිටියේ මක්කම ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව හෙට දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බවයි.
එමෙන්ම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව එහි නායක, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.