Gossips

මුවෙකු ඝාතනය කළ සිව්දෙනෙකු අත්අඩංගුවට

හිඟුරක්ගොඩ – රජයේ ගොවිපල ආසන්නයේදී මුවෙකු ඝාතනය කළ පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උගුලක් අටවා අද පෙරවරුවේ අල්ලාගත් මුවා ඝාතනය කරන අවස්ථාවේදීයි පොලිසීය සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
මොවුන් සිව්දෙනා අවුරුදු 18 සහ 35 වන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.
විශාල අං තට්ටුවක් සහිත මෙම මුවා කිලෝග්‍රෑම් 100 ක පමණ බරකින් යුක්ත වන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.