Gossips

මුවමස් සමග කතරගම කපු මහතෙකු අත්අඩංගුවට

කතරගම – කඩවර දේවාලයේ කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු දඩයම් කරන ලද මුව මස් කිලෝ 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දේවාලයට යාබද කාමරයක ශීතකරණයක් තුළ තිබියදී මෙම මුවමස් තොගය තණමල්විල – කිතුල්කෝට්ටේ වනජීවී නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු බීමත්ව සිට ඇති අතර, ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.