Gossips

මුල් ළමාවිය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

මුල් ළමාවිය සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව පවසනවා.
එහි කමිටු රැස්වීමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති අතර, එහිදී මුල් ළමාවිය සංවර්ධන සහ ළදරු පාසල් අධ්‍යාපනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි කමිටු සභාපතිනි වෛද්‍ය තුසිතා විජේමාන්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
ඇය වැඩිදුරටත් කියා සිටියේ කළල අවධියේ සිටම දරුවාගේ සංවර්ධනය ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් මෙහිදී ඉදිරිපත් කරන බවයි.