Gossips

මුල් මාස පහේ ටී – 56 ගිනි අවි 14 ක් පොලිස් භාරයට

මේ වසරේ මුල් මාස 5 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ටී – 56 වර්ගයේ ගිනි අවි 14 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
එම මෙහෙයුම්වලදී විවිධ අපරාධ සම්බන්ධයන් සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
පිස්තෝල 11ක්, රිවෝල්වර 10ක්, ගල්කටස් අවි 16 ක්, වෙනත් නොයෙකුත් වර්ගවල ගිනි අවි 284 ක් සහ විවිධ වර්ගයේ උණ්ඩ 7375 ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.