සංචාරක පාකිස්තානු කණ්ඩායම සමඟ හෙට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී දකුණු අප්‍රිකාවේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත්වීමට ඩේල් ස්ටේන් සමත් වනු ඇති බවට ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා.
මේ වන විට දකුණු අප්‍රිකාවේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ ෂෝන් පොලොක්.
ඔහු කඩුලු 421ක් ලබාගෙන ඇති අතර, ඩේල් ස්ටේන් ද මේ වන විට එම සීමාවේම පසුවනවා.
හෙට තරඟයේදී ලබා ගන්නා කඩුලු සංඛ්‍යාවට අනුව ඩේල් ස්ටේන් ජාත්‍යන්තර ටෙස්ට් වර්ගීකරණයේ වැඩිම කඩුලු ලාභීන් අතර 10 වන ස්ථානයට පැමිණෙනවා.
