Gossips

මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළොන්නාව – මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු පහරදීම සිදුකර ඇත්තේ මුල්ලේරියාව – බැංකු හන්දියේ පිහිටි මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික සායනය තුලදියි.
කළුබෝවිල රෝහලේදී සැත්කමක් සිදුකළ රෝගියෙකු පසුගිය දිනෙක මිය යාමේ සිද්ධියක් මත පදනම්ව මෙම පහරදීම සිදුව ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළා.