මුල්ලියාවේලි – කෝපාපිලව් ප්‍රදේශයේදී පැරා මෝටාර් උණ්ඩ 25ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.
මුල්ලියාවේලි හි කැළෑබඳ ප්‍රදේශයක තිබී ඊයේ (03) සොයාගත් මෙම මෝටාර් උණ්ඩ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද සමයේදී සඟවා තබන ලද බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙසේ සොයා ගත් උණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මුල්ලියාවේලි පොලීසිය වෙත භාර දී තිබෙනවා.
