Gossips

මුලතිව් හි යුද හමුදාව සතු තවත් ඉඩම් අක්කර 53ක් නිදහස් කරයි

ජනාධිපති කාර්ය සාධක සැලැස්මට අනුව, මුලතිව් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වැසියන්ට අයත්ව තිබූ ඉඩම් අක්කර 53 ක්, දිසාපතිනිය වෙත භාර දී තිබෙනවා.
මුලතිව් ප්‍රදේශය එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් යුද හමුදාවේ සේවා කටයුතු සදහා මෙම ඉඩම් භාවිත කර තිබූ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ.
ඒ අනුව ඊයේ මෙම ඉඩම් අක්කර 53 මුලතිව් දිසාපතිනි, රූපවතී කේතීස්වරන් වෙත භාර දුන් බවයි ඔහු කියා සිටියේ.
අනතුරුව, එම ඉඩම් මුල් පදිංචිකරුවන්ට යළි ලබාදීමට නියමිතයි.