මුලතිව් සුදන්දිපුරම් ප්‍රදේශයේ එල් ටී ටී ඊ පුහුණු කඳවුරක් පැවති බවට සැක කෙරෙන ස්ථානයක සිදු කළ කැණීම්වලින් විවිධ වර්ගයේ බෝම්බ ඇතුලු යුධ උපකරණ රැසක් හමුවී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ දින 3 ක් පුරා එම ස්ථානයේ කැණීම් පැවති බවයි.
නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව ලබාගත් අධිකරණ නියෝගයක් අනුව පසුගිය 18 වනදා සිට මෙම ස්ථානයේ කැණීම් සිදුකර තිබුනා.
විශාල ප්‍රමාණයේ මෝටාර් බෝම්බ දෙකක් මෙන්ම විවිධ වර්ගවලට අයත් කාලතුවක්කු උණ්ඩ, අත් බෝම්බ, දුම් බෝම්බ, යුද ටැංකි නාශක බෝම්බ සහ මෙතෙක් හඳුනා නොගත් බෝම්බ ඇතුලු යුද උපකරණ රැසක් හමුවී තිබෙනවා.
පුහුණු කෙරෙන එල් ටී ටී ඊ සාමාජිකයන්ට බෝම්බ පිිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් එම ස්ථානයේ ස්ථාපිත කර තිබෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක
