Gossips

මුලතිව් සිලාවත්ත ප්‍රදේශයෙන් මෝටාර් උණ්ඩයක් මතුවෙයි

මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ දියෝනගර් ගම්මානයේ ඉඩමක තිබී ජීව මෝටාර් උණ්ඩයක් ඊයේ (14) සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
දියෝනගර් ගම්මානයේ ළදු කැලයක සැකකටයුතු යමක් තිබෙණු දැක ගම්වාසීන් ඒ පිළිබදව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට දැණුම්දීමෙන් පසුව නිලධාරීන් පිරිසක් ගොස් අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී මෙම මෝටාර් උණ්ඩය සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ එම මෝටාර් උණ්ඩය එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් භාවිත කරණ ලද මෝටාර් උණ්ඩයක් බවයි.
මෙම මෝටාර් උණ්ඩය ජීව මෝටාර් උණ්ඩයක් නිසා මේ පිළිබදව මුලතිව් පොලීසියට දැණුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන එම මෝටාර් උණ්ඩය නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ප්‍රකාශ කළා.