Gossips

මුලතිව් වෙරළේ ධීවරයෙකුගේ මළ සිරුරක්

මුලතිව් වෙරළට ගොඩ ගසා තිබූ ධීවරයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ධීවර කටයුතුවල නිරත වූ යාත්‍රාවට හානි සිදුවීම නිසා මුහුදට වැටීමෙන් මොහු ඊයේ (13) ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචි ධීවරයෙක්.
එමෙන්ම, මුලතිව් – නයාරු ප්‍රදේශයෙන් ඊයේ(13) ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ‘‘සතිෂ් පුතා’’ යාත්‍රාවේ සිටි ධීවරයින් තුන්දෙනා පිලිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය සදහන් කළේ.