මුලතිව්,කේප්පාපිලව් රක්ෂිත සීමාවේ හටගත් ගින්නකින් අක්කර 40 කට වැඩි ප්රමාණයක් විනාශ වි තිබෙනවා.
ඊයේ (20) සවස මේ ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ ගින්න කිසියම් පුද්ගලයෙකුගේ විසින් සිදුකල ක්රියාවක් ද නැතහොත් ස්වාභාවිකව හට ගත් ගින්නක් ද යන්න පිළබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් ගින්න හට ගැනීමෙන් අනතුරුව ප්රදේශවාසින් විසින් කල දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ යුධ හමුදා සෙබළුන් විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.
මුලතිව් පොලිසිය ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
(ඡායාරූප – මාධව කලන්සුරිය )
