මුලතිව් කේපාපිලව් රක්ෂිතයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් අක්කර 25 කට වැඩි ප්‍රමාණයක් විනාශවී තිබෙනවා.
ඊයේ සවස හටගත් ගින්න යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නිවා දැමුනු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ජල බවුසර් යොදා ගැනීමෙන් සහ සෙබලුන්ගේ මැදිහත්වීමෙන් දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න මැඩපවත්වා තිබෙනවා.
කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක / මාධව කුලසූරිය
