Gossips

මුලතිව් මුහුදේ පාවූ යාත්‍රාව හඳුනා ගැනේ (ඡායාරූප)

මුලතිව් මුහුදේ පාවෙමින් තිබූ යාත්‍රාව ඉන්දියාවට අයත් ධීවර යාත්‍රාවක් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
අදාළ යාත්‍රාව පසුගිය 30 වන දා මුලතිව් වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබූ අතර ඊයේ දින එය වෙරළට ගොඩ ගසා තිබුණා.
එම යාත්‍රාව පිළිබද සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ලියාපදිංචි ධීවර යාත්‍රාවක් බවටයි.
එම යාත්‍රාවේ තිබී ජංගම දුරකථනයක්, ධීවර කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් සහ ඉන්ධන ගැලූම් කිහිපයක් ද සොයා ගත් බව මුලතිව් පොලීසිය සඳහන් කළා.
අදාළ යාත්‍රාව ධීවර කටයුතු සඳහා පැමිණි අවස්ථාවකදී අනතුරකට ලක්ව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
එහි ගමන් ගත් ධීවරයින් පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර, ඒ පිළිබද මේ වන විට පරීක්ෂණ සිදුකරන බවයි මුලතිව් පොලීසිය සඳහන් කළේ.


ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක