මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමෙන් රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ආහාර විෂවීමෙන් විද්‍යාලයේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් 36 දෙනෙකු මාන්කුලම් දිසා රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ පෙරවරුවේයි.
පාසලේ සිසුන්ට ලබාදෙන උදෑසන ආහාර වේලේ තිබී හූනෙකුගේ ශරීර කොටස් හමුවී තිබෙනවා.
ඒ අනුව පාසලේ සිසුන් දෙදෙනෙකුට වමනය සහ අජීරණය ඇතිවීමෙන් පසු එම ආහාර ලබා ගත් අනෙක් සිසුන් 34 දෙනා ද ඊයේ රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ වන විට එම සිසුන් 34 දෙනා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
අනෙක් සිසුන් දෙදෙනා තවමත් මාන්කුලම් දිසා රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිසුන්ගේ දෙමව්පියන් මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්.
උදෑසන ආහාර වේල සකස් කළ පුද්ගලයින්ගෙන් පොලීසිය ප්‍රකාශක්ද සටහන් කරගෙන තිබෙනවා.
