මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් නගරයේ අද විරෝධතාවක් පැවැත්වුණා.
මහවැලි එල් කලාපය ලෙස නම් කරමින් වැලිඔය සහ මුලතිව් දිස්ත්රික්කය තුළ සිංහල පවුල් නැවත පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවටයි එහිදී විරෝධතාකරුවන් චෝදනා කළේ.
මෙම විරෝධතාවට මුලතිව් ප්රදේශවාසීන් මෙන්ම උතුර පළාත් සභා මන්ත්රීවරුන් කිහිපදෙනෙකුද එක්ව සිටි සිටි අතර, ප්රදේශයේ කඩසාප්පුද වසා දමා තිබුණා.
ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක
