Gossips

මුලතිව් ඉස්සුන අලුත් කොඩිය

මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ(01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා.
ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන වට්ටුවාකල් පාලම අබලන්ව ඇති බැවින් අදාළ රතු කොඩිය කිසියම් පිරිසක් ඔසවා ඇති බවයි.
යුද්ධය පැවති සමයේ ඉන් අනතුරුව මීටර 200 ක් පමණ දිගැති වට්ටුවාකල් පාලම නිසි පරිදි සකස් කොට නොතිබීම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කිරීම අවදානම් බව ජනතාව පැවසුවා.
කඩිනම්න් කලපුව හරහා සුදුසු පරිදි පාලමක් සකස් කොට දෙන ලෙසට ජනතාව ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.