Gossips

මුලතිව් අධිකරණයෙන් රැඳවියන් සිව්දෙනෙකු පළා යයි

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබු නඩු කටයුතු වෙනුවෙන් වවුනියාව බන්ධනාගාරයේ සිට රැගෙන ගිය බන්ධනාගාර රැඳවියන් සිව්දෙනෙකු ඊයේ (07) පලා ගොස් ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා.
මුලතිව් ප්‍රදේශයේ පුද්ගල ඝාතනයන් සිදුකිරීමේ කිරීම් නඩු දෙකකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් සිව්දෙනෙකු මෙලෙස පැනගොස් ඇති බවයි.
පැනගිය සැකකරුවන් සොයා බන්ධනාගාර නිළධාරීන් හා පොලිස් නිළධාරීන් විශේෂ මෙහෙයුමක් ඊයේ (07) පස්වරුවේ ආරම්භකර ඇති බව අප වාර්තාකරු පවසනවා.