Gossips

මුරලි, ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරයි

පිට පිට ටෙස්ට් තරඟාවලි තුනකින් මෙන්ම පසුගිය ජාත්‍යන්තර තරඟ 18න් 16කින්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ සම්බන්ධයෙන් ටෙස්ට් කඩුලු වාර්තා උසුලන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද අදහස් පළ කර තිබෙනවා.
ඉන්දීය ක්‍රීඩා මාධ්‍යයක් වෙත සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ නායක දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා ඇතුළු ක්‍රීඩකයන් සතුව කුසලතා පැවතුණ ද ඔවුන් ස්ථාවරව දස්කම් දැක්වීමට අපොහොසත් වී ඇති බවයි.
රංගන හේරත්ගේ විශ්‍රාම ගැනීම ද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පරාජයන්ට මූලික හේතුවක් වී ඇති බව මුරලිදරන් වැඩිදුරටත් සඳහන් කළා.