Gossips

මුරපද වෙනස් කරන්නැයි ජනතාවට හදිසියේම විශේෂ නිවේදනයක්

සිය මුරපද මාරු කිරීමට පියවර ගන්නා ලෙස ට්විටර් සමාජ මාධ්‍ය ජාලය සිය ග්‍රාහකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ එම ජාලයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ග්‍රාහක තොරතුරු නිරාවරණය වී ඇති බව හෙළිදරව් වීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත්, මුරපද හෝ වෙනත් තොරතුරු අභ්‍යන්තර වශයෙන් අවභාවිතයක් සිදුවී නොමැති බව ට්විටර් සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
මෙම සමාජ මාධ්‍යයේ පෞද්ගලික තොරතුරු මාස කිහිපයක් මෙලෙස විවෘතව පැවති බවයි අනාවරණ වී ඇත්තේ.
එය පරිගණක වෛරසයකට ගොදුරු වී ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.
ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන ට්විටර් ග්‍රාහක සංඛ්‍යාව මිලියන 330 ඉක්මවනවා.