මැදිරිගිරිය – වටදාගෙයි බෝධිය අසල තිබූ පිං පෙට්ටිය කිසියම් පිරිසක් සොරකම් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ පුරාවිද්‍යා නිලධාරින් ඒ පිළිබඳව මැදිරිගිරිය පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
වටදාගෙයි ප්‍රධාන පිංපෙට්ටියට අමතරව, විවෘත ස්ථානයක මෙම පිං පෙට්ටිය සවිකර තිබූ අතර, එහි ආරක්ෂාවට මුරකරුවන් 6 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකාය ද යොදවා තිබුණා.
