Gossips

මුම්බායි හි කලාත්මක ගොඩනැගිලි, දකුණු කොරියාවේ ආශ්‍රම සහ සෞදියේ ක්‍ෂේම භූමි ලෝක උරුම ලැයිස්තුවට

යුනෙස්කෝව මගින් ලොව පුරා නව ලෝක උරුමයන් ඊයේ නම් කළ අතර, ඊට මුම්බායි නුවර පිහිටි 19 වන ශත වර්ෂයේ ඉදිකළ කලාත්මක ගොඩනැගිලි ද ඇතුළත් කර තිබෙනවා.
වික්ටෝරියානු සම්ප්‍රදාය අනුව ඉදිකළ සඳළු තල සහ ආලින්ද සහිත මෙම ගොඩනැගිලි සිනමාහල්, නිවහන් සහ රෝහල් ආදිය සඳහා භාවිත කෙරෙන බව සඳහන්.
මීට අමතරව ඕමානයේ සහ ඉරානයේ ඓතිහාසික නගර දෙකක්, කෙන්යාවේ වික්ටෝරියා විල් කලාපයේ ශෛලමය බැම්මක් සහිත ආදි නවාතැන් සහ 25 ලක්ෂය ඉක්මවූ රට ඉඳි ගස්, උද්‍යාන, ඇළ මාර්ග, ළිං සහ ඓතිහාසික ගොඩනැගිලිවලින් සමන්විත සෞදි අරාබියේ අල් අහ්සා ක්‍ෂේම භූමියද නව ලෝක උරුමයන්ට ඇතුළත්.