Gossips

මුම්බායි පිලේ IPL සිහිනය බොඳවෙයි

මේවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ අහිමිව ගියා.
ඒ ඊයේ ඔවුන් සහභාගී වූ තරඟය දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 11කින් පරාජය වීම හේතුවෙන්.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී 174ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03ක් තුල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 163ක් පමණයි.
අගනා පන්දු යැවීමක නිරතවූ දිල්ල කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මීෂ්රා සිය පන්දුවාර 04 තුල ලකුණු 19කට කඩුලු 03ක් දවා ගනිමින් මුම්බායි පිළිතුරු ඉනිම සුණු විසුණු කළා.
මේ අතර මේවර තරඟාවලිියේ අවසන් වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් 04 මේ වනවිට තේරී පත්ව අවසන්.
සන්රයිසස් හයිද්‍රාබාද්, චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයස් එම කණ්ඩායම් හතරයි.
මේවර තරඟාවලිියට කණ්ඩායම් 08ක් තරඟ කළ අතර එම සෑම කණ්ඩායමක්ම මුලික වටයේ තරඟ 14 බැඟින් ක්‍රිඩා කළා.
මුම්බායි සහ දිල්ලි කණ්ඩායම අතර තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrnrnrnrnrn