Gossips

මුම්බායි පිලේ බලාපොරොත්තු දල්වමින් කෝලිගේ පිල අනූ නවයෙන් ගොඩ යයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (14) පැවති තරඟයෙන් පහසු ජයක් වාර්තා කරන්නට රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත් වුනේ තරඟාවලිය තුල තරදුරටත් රැදෙන්නට අවස්ථාව සලසා ගනිමින්.
මෙම තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරන්නට බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබුණා.
මෙවර තරඟාවලියේදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව රැස් කරන්නට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණේ පන්දුවාර 15යි එක් පන්දුවක් තුල සියලුම ක්‍රීඩකයින් ලකුණු 88කට දැවීයාම හේතුවෙන්.
විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් කණ්ඩායමේ පන්දු යවන්නන් මෙම තරඟයේදී පන්ජාබ් පිතිකරුවන්ට එතරම් ලකුණු අතර පැමිණීමට ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්ජාබ් පිතිකරුවන් 11 දෙනාගෙන් පිතිකරුවන් අටදෙනෙකුටම ලකුණු 10 සීමාව පසුකර යාමට නොහැකි වීම විශේෂත්වයක්.
පන්දු යැවීමේදී වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් පන්දුවාර 04 තුල ලකුණු 23කට පංජාබ් කඩුලු 03ක් බිඳ දැමුවා.
ඊයේ පැවති තරඟයේදී පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිදුකරමින් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි ආරම්භක පිතිකරුවෙක් ලෙස පාතිව් පටෙල් සමඟින් පිටියට පිවිසියා.
ඔවුන් දෙදෙනා එක්ව පන්දුවාර 8යි එක් පන්දුවක් තුල ජයග්‍රාහී සීමාව පසුකර යමින් බැංගලෝර් පිලට ජය ගෙන ආවා.
එහිදී විරාත් කෝලි නොදැවී ලකුණු 48ක් රැස් කළ අතර පාතිව් පටෙල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 40ක්.
ඊයේ පැවති මෙම තරඟය යම් හෙයකින් පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණයකර තිබුනේ නම් බැංගලෝර් පිලට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ද අවසන් වටයට සුදුසුකම් ලැබීම අවස්ථාව අවිනිශ්චිත වනවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrnrnrn