Gossips

මුම්බායි ප්‍රහාරයට වසර 10යි

පුද්ගලයන් 166 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ වාණිජ අගනගරය වූ මුම්බායි පුරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට දස වසරක් ගත වනවා.
2008 වසරේ නොවැම්බර් 26 වන දා කරච්චියේ සිට මුම්බායි නුවරට පැමිණි ලෂ්කාර් – ඊ – ටයිබා ත්‍රස්තවාදීන් දස දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කළ අතර, ඉන් 9 දෙනෙකුම ප්‍රති ප්‍රහාරයෙන් මිය ගියා.
ජීවග්‍රහයෙන් අල්වා ගත් එකම ත්‍රස්ත සැකකරු අජ්මාල් කසාබ්ට 2012 වසරේදී මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණා.
ඉන්දියාව ප්‍රකාශ කරන්නේ වසර 10ක් ගත වුවද ප්‍රහාරය සැලසුම් කළ ත්‍රස්තවාදීන් නීතිය ඉදිරියට පමුණුවීමට පාකිස්තානය සහය නොවන බවයි.