Gossips

මුම්බායි කණ්ඩායම යළි කරළියට

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග සඳහා මේ වන විට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.
ඊයේ පැවති තවත් තරගයකදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පරදවා ලකුණු 3 ක තියුණු ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 186 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 183 ක් පමණයි.
තරඟාවලියේ ආරම්භයේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහෙල ගේ පුහුණුකාරීත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන් කණ්ඩායම පසුබෑමකට ලක්වුවද අනාවැකි පළවූයේ නොසිතූ ලෙස මුම්බායි කණ්ඩායම යළි නැගිටිනු ඇති බවයි.
එම අනාවැකි තවදුරටත් තහවුරු කිරීමට ඊයේ පැවති සුපිරි තරඟ ජය සමත්වූවා.
එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rn