Gossips

මුම්බායි ඉන්දියන්ස් දෙවන ජයත් වාර්තා කරයි

නායක රෝහිත් ෂර්මා පන්දු 33 කදී නොදැවී රැස් කළ ලකුණු 56 ත් සමඟින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්. තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ සමත්වුණා.
එහිදී ඔවුන් පරාජය කළේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 169ක් රැස් කළ අතර, මුම්බායි පිල පන්දු වාර 19 යි පන්දු 4 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 170 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර, ලසිත් මාලිංග එහි පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා.