Gossips

මුම්බායි ඉන්දියන්ස් තීරණාත්මක අවස්ථාවක

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ තීරණාත්මක තරගයකට මුම්බායි ඉන්දියන්ස් පිල අද මුම්බායි හිදී මුහුණදෙනවා.
පසුගිය තරග දෙකේදී ජයග්‍රහණ වාර්තා කළ ඔවුන් අද තරග වදින්නේ ප්‍රබල කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමගයි.
අද මෙන්ම ලබන බදාදා ද මුම්බායි සහ කොල්කටා කණ්ඩායම් තරග වදින අතර එම තරගය කොල්කටා හිදී පැවැත්වීමට නියමිතයි.
අයි.පී.එල්. තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල ප්‍රසාද ලකුණු 14 බැගින් ලබා ඉදිරියෙන් සිටින අතර කොල්කටා සහ පන්ජාබ් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා සිටිනවා.
මුම්බායි, බැංගලෝර්, දිල්ලි සහ රාජස්ථාන් කණ්ඩායම් ලබා සිටින්නේ ප්‍රසාද ලකුණු 6 බැගින්.
මේ නිසා මීළඟ වටයට සුදුසුකම් ලැබීම ඔවුන් පවතින්නේ තියුණු තරගයක්.