Gossips

මුන්දලම ගංවතුර පාලනයට උඩප්පුව මෝය කට විවර කරයි – ගම්මානයකුත් දෙකඩ වෙයි (ඡායාරූප)

දැඩි වර්ෂාපතනයත් සමග බත්තුලුඔය, මුන්දලම සහ අවට ප්‍රදේශවල එක්රැස් වී ඇති පිටාර ජලය බැසයාම සඳහා උඩප්පුව මෝය කපා දැමීමට ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ අද (25) පස්වරුවේ මෝය කපා දැමීම සිදුවූ බවයි.
ඊට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක් ද එල්ලවී තිබු බව සඳහන්.
උඩප්පුව මෝය කපා දැමීමත් සමග එම ප්‍රදේශය තුල ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
එමෙන්ම උඩප්පුව ගම්මානය ද මේ හේතුවෙන් දෙකඩ වී ඇති අතර ගම්මානය යා කිරීමට බෝට්ටු සේවයක් යොදවන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශකර ඇත්තේ.

ඡායාරූප – පුත්තලම, ජූඩ් සමන්ත