Gossips

මුන්දලමේ අනතුරකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

මුන්දලම කිරියන්කල්ලිය ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් යතුරුපැදියක සහ ත්‍රී රෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ සවස 4 ට පමණ අනතුර සිදුවි ඇත්තේ කොළඹ දෙසට ධාවනය වූ යුද හමුදා ට්‍රක් රථය කාර්මික දෝශයක් හේතුවෙන් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් බව සඳහන්.
අනතුරින් යතුරුපැදිකරු, ත්‍රී රෝද රථයේ රියදුරා සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මුන්දලම රෝහලට ඇතුලත් කෙරුනා.
පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට මාරු කර යැවුනු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ත්‍රී රෝද රථ රියදුරා මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.
56 හැවිරිදි ඔහු නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
අනතුරට සම්බන්ධ යුද හමුදා ට්‍රක් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.