Gossips

මුදලූත් අහිමි ETI තැන්පත්කරුවන්ට මරණ තර්ජන

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනය සිදුකළ මූල්‍ය වංචා හෙළි කිරීම හේතුවෙන් එහි මුදල් ආයෝජනය කළ ඇතැම් තැන්පතුකරුවන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වන බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඒ සම්බන්ධයෙන් ඔවුන් අද බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකළා.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී ඊ.ටී.අයි ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබදව අදහස් පළ වුණා.