Gossips

මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑවයි අගුණකොළපැලැස්සේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදී මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉරේෂ් ඒකනායක මිද්දෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා රාත්‍රියේ මිද්දෙණිය – දඹරැල්ල – අලූත්වෑගොඩ ප්‍රදේශයේදී තමන්ට පහරදුන් බවට ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.
තමා විසින් පවත්වාගෙන යන පස් වැඩපලේ රියදුරෙකුට මුදල් ගෙවීමට යාමේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණ තමන්ට පහරදී රුපියල් ලක්ෂ 5 ක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගිය බව ව්‍යාපාරිකයා පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙනවා.
පසුව මන්ත්‍රීවරයා පෙරේදා රාත්‍රියේම අත්අඩංගුවට ගැනුනු අතර, ඔහු ඊයේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.