Gossips

මුදල් වෙළදපොළ වෙත නව මුදල් ප්‍රවාහයක්

රුපියල වාර්තාගත අන්දමින් පහත වැටෙද්දී, මහබැංකුව විසින් මුදල් වෙළදපොළ වෙත නව මුදල් ප්‍රවාහයක් එක්කර ඇති බව තැරැව්කරුවන් පවසනවා.
සැප්තැම්බර් 11 වන දා සිට මෙලෙස ප්‍රති විකුණුම් වෙන්දේසි හරහා රුපියල් බිලියන 48.3ක මුදල් සංසරණය සඳහා එක් කර ඇති බවයි වාර්තා වන්නේ.
ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල ඊයේ (14) නව වාර්තාගත පහළ අගයක් වූ රුපියල් 164යි ශත 37ක් ලෙස සටහන් වුණා.