Politics Sri Lanka

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මුල්‍ය කාර්ය සාධත බලකාය (Financial Action Task Force – FATF) විසින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා ගෝලීය වශයෙන් සිදුවන වෙනත් අදාළ වැරදි වැළැක්වීම සඳහා නිර්දේශ 40ක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මූල්‍ය කාර්ය සාධක බලකායට අනුබද්ධිත කලාපීය සංවිධානයක් ලෙස මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (Asia Pacific Group on Money Laundering – AGP) කටයුතු කරනු ලබන අතර මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශයන්ට කලාපය තුළ ඇති අනුකූලතාවය ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලබයි.

තවද, ශ්‍රී ලංකාව, මුදල් විශූද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙක්ද වේ.

මෙම සම්මුතීන් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් පළ වේ.