Gossips

මුදල් වංචා කළ කාන්තාව 21 තෙක් රිමාන්ඩ්

රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඇය අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ නවගමුව – රනාල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හදුනා ගැනීමට නොහැකි අයුරින් ඇය හිස මුඩු කර සිටි බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තිලක් කුමාර ජයවීර නමැති මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු කාය වර්ධන උපදේශකවරයෙකු ලෙස සහ චිත්‍රපට කිහිපයක සටන් නළුවෙකු ලෙස කටයුතු කර තිබූ බවයි පොලීසිය සදහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ග්‍රෑම් 350ක් බරැති රන් ආභරණ තොගයක්, පාස්පෝට් 72ක්, බැංකු පොත් 50ක් සහ ඒ.ටී.එම්. කාඞ් පත් 50ක් ද පොලිස් භාරයට ගත් බවයි.
ඇයට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 71 ක්.