Gossips

මුදල් වංචාවක් සිදුකළ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)

රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලියට අවශ්‍යව සිටින සැකකාරියක් සොයාගැනීමට පොලිසිය මහජන සහය පතවා.
දොන් සිතාරා ගීතානි කළුආරච්චි නමැති මෙම කාන්තාව නොම්බර 06, උයන පාර, මොරටුව සහ නොම්බර 194/31, තලගහහේන පාර, කැස්බෑව යන ලිපිනයන් හි පදිංචිව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ වයස් අවුරුදු 50ක් වන සැකකාර කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යමින් නිමි ඇඳුම් ලබාගෙන වෙළඳසැල් හිමියන්ට අගරු චෙක්පත් ලබාදෙමින් මෙලෙස මුදල් වංචාවන් සිදුකර ඇති බවයි.
මැය පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු වේනම් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ 011-2729621 යන දුරකථන අංකයට හෝ ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂණවරයාට (071-8591664) දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.