මුදල් වංචාවක් සිදුකළ බවට ලද පැමිණිල්ලක් මත පළාත් පාලන ජන්දයේදී බුත්තල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙකු ඇතුළු තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ලක්ෂ ගණනක මුදල් වංචාවක් සිදුකර ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි ඊයේ (21) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ.
මොහුට අමතරව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.