අගරු චෙක්පතක් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු මොනරාගල – හුලංදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (28) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල – දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ණයට ගෙන එය නැවත ගෙවීම සඳහා අගරු චෙක්පතක් ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.
එමෙන්ම, මීට පෙර සිදුවූ වංචනික ක්‍රියා කිහිපයකට මෙම ව්‍යාපාරිකයා සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
