Gossips

මුදල් වංචාවකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)

මෝටර් රථ ආනයනය කරදෙන බවට පවසා මුදල් වංචා කිරීමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
මෝටර් රථයක් ආනයනය කරදෙන බවට පවසා රුපියල් 4,300,000ක් වංචා කිරීමක් පිළිබඳ කොළඹ වංචා විමර්ශණ කාර්යාංශය වෙත ලැබුනු පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ආරම්භ වී ඇත්තේ.
මෙම පුද්ගලයා දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙලෙස මුදල් වංචාකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සමන් කුමාර ජයසිංහ නම් මෙම පුද්ගලයා අංක 106/A තිස්ස පාර තංගල්ල යන ලිපිනයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරුක් දන්නේ නම් 0112679593 අංකයෙන් වංචා විමර්ශණ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙත හෝ 0112673571 අංකයෙන් වංචා විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දිය හැකියි.
එමෙන්ම 0112673594 අංකයෙන් ද වංචා විමර්ශණ ඒකකයට සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි පොලිසිය සඳහන් කළේ.