අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනෙකු පිළිබදව දේශපාලන කරලියේ විවිධ අදහස් පළවන අතරතුර අද වනවිට ඔහුගෙන් මුදල් නොගත් බව මන්ත්‍රීවරුන් අසූ දෙදෙනෙකු ප්‍රකාශ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, අමාත්‍ය සරත් ෆොන්සේකා සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව මේ වනවිට පිළිගෙන අවසන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, ඩිලාන් පෙරේරා සහ වඩිවේල් සුරේෂ් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බව අද ප්‍රකාශ කළා.
