Gossips

මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන් හෙළි කළ යුතු බවට අදත් පාර්ලිමේන්තුවේදී කතාබහක්

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට හෙළි කළ යුතු බව අදත් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
එහිදී ඔවුන් සඳහන් කළේ නම් හෙළි නොකිරීමෙන් නිර්දෝෂී මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවයි.
මේ වන විට පාර්ලිමේන්තුවෙන් පිටත ද අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පාර්ශව සම්බන්ධයෙන් පවතින්නේ පුළුල් සංවාදයක්.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව මේ වන විට මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා.
මුදල් නොගත් බවට ඊයේ දින වනවිට කියා සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 65 ක්.
මේ අතර, මහබැංකු බැදුම්කර වාර්තාවේ සී – 350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමෙන්, ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද විමර්ශනවලට අගතියක් සිදුනොවන බව නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට දැනුම්දී ඇති බව ද අද වාර්තා වුණා.