Gossips

මුදල් පසුම්බියක් සොරාගත් කාන්තාවක් හලාවතදී අත්අඩංගුවට

හලාවත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් ව්‍යාපාරිකයෙකුට අයත් මුදල් පසුම්බියක් සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මුදල් පසුම්බියේ රුපියල් එක්ලක්ෂ 48,300ක් පමණ මුදලක් තිබී ඇති අතර, මෙම ව්‍යාපාරිකයා වෙළඳසැල තුළ එය දමාගොස් තිබියදී භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි සැකකාර කාන්තාව එය සොරකම් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන කුරුණෑගල – බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.