Gossips

මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රටවල් කිහිපයකට අයත් මුදල් තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරදාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු සිය ගමන් මල්ලේ සඟවා මෙම මුදල් රැගෙන යාමට උත්සාහ දරණ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින්.
ඇමරිකානු ඩොලර් දස දහසක්, සෞදි රියාල් 45,500 ක් මෙන්ම රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද ඔහු සතුව තිබී සොයාගෙන තිබෙනවා.