Gossips

මුදල් තැන්පතු යන්ත්‍රයේ ගැටලුවක් නිසා කාන්තාවකට විශාල මුදලක් අහිමි වෙයි

වැලිගම රාජ්‍ය බැංකුවකට පැමිණි කාන්තාවක් රුපියල් ලක්ෂ තුනක් තැන්පත් කිරීමට උත්සාහ කරන අතරතුර මතු වූ ගැටලුවක් හේතුවෙන් මුදලින් කොටසක් පමණක් තැන්පත් වී තවත් කොටසක් යන්ත්‍රයෙන් පිටතට පැමිණ තිබෙනවා.
මේ පිළිබඳව ඇය ආරක්ෂක අංශ දැනුවත් කරන අතරතුර මුදල් තැන්පත් කිරීමට පැමිණි වෙනත් පුද්ගලයෙකු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී කාන්තාව මුලින් තැන්පත් කල මුදල ආපසු පැමිණ ඇති අතර ඔහු එම මුදල රැගෙන යන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.